‘කේසාරි’ අගෝස්තුවේදී ජපානයේ පෙන්වයි
ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගනිමින් මේ වසරේ සාර්ථක චිත්රපට අතරට එක්වූ අනුරාග් සිංගේ ‘කේසාරි’ චිත්රපටය අගෝස්තු 16 වැනිදා ජපානයේදී ප්රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.
ඉන්දීය චිත්රපටයක් ජපානයේ තිරගත වන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. ආක්ෂේ කුමාර්, පරිනීති චොප්රා රංගනයෙන් දායක වන මෙම චිත්රපටය මේ වසරේ මාර්තු 21 වැනිදා ඉන්දියාවේ ප්රදර්ශනය විය. ආක්ෂේ කුමාර් සිය ප්රේක්ෂකයන් මේ වසරේ හමුවු මුල්ම චිත්රපටයද මෙය වේ.