කෙන්ඩල්ට වෙළෙඳ දැන්වීමට ඉහළ මිලක්
කෙන්ඩල් ජෙනර් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින් සිටින කෙනෙකි. ඇයගේ වෙළෙඳ දැන්වීම සඳහා විශාල මුදලක් අය කරන බව බොහෝ විට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ දිනවල නැවතත් ඇය පිළිබඳව කතා කිරීමට පෙළෙඹෙන්නේ ඇය විසින් වෙළෙඳ දැන්වීමක් සඳහා අය කරනු ලැබූ මුදල හේතුවෙනි. පෙප්සි වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් ඇය විශාල අයකිරීමක් සිදුකර ඇති බව සඳහන් වෙයි. එහි වටිනාකම් සිතා ගත නොහැකි බවද ඇතැම්හු සඳහන් කරති.