කෙන්ඩල්ගේ නිවසේත් විශාල මංකොල්ලයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-01

හොලිවුඩ් සිනමා සහ ගායන ලෝකයේ සුපිරි තරු, මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන වාතාවරණයක් මතු වී ඇති බව පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබූ පුවත් හෙයිනි. පසුගිය වසරේ විශාල මංකොල්ලයක් ලෙස සැලකෙන ජනප්‍රිය නිරූපිකාවක සහ නිළියක වන කිම් කාර්ඩිෂන්ගේ පැරීසියේ නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණ කොල්ලකරුවන් ඇය සතු වටිනා ආභරණ පැහැර ගෙන තිබේ. කිම් කාර්ඩිෂන්ගේ පවුලට කිසියම් අපලයක් ලබා ඇති බවයි හොලිවුඩ් පුවත් වාර්තා කරනු ලබන්නේ. එයට හේතුව වන්නේ, ඒ අයුරින්ම කෙන්ඩල් ජෙනර් සහ ජයිම් ප්‍රෙස්ලි යන දෙදෙනාගේ නිවෙස්ද කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි හොලිවුඩ් පුවත් පවසන්නේ. කෙන්ඩල් ජේනර් ඇමෙරිකානු රූපවාහිනී නිවේදිකාවක් සහ නිරූපිකාවකි. ජයිම් ප්‍රෙස්ලි සිනමා නිළියක් සහ නිරූපිකාවකි.

දැනට 21 වැනි වියෙහි පසුවන කෙන්ඩල්ගේ නිවෙස මංකොල්ල කා ඇති බව ලොස් ඇන්ජලීස් පොලීසියට දැනගන්නට ලැබී ඇත්තේ අලුයම 1.15 ටයි. සොරුන් විසින් කෙන්ඩල් සතු වටිනා දේ පැහැරගෙන ගොස් ඇතැයි ද එම භාණ්ඩවල වටිනාකම ඩොලර් 200,000ක් පමණ විය හැකි යැයි ද පැවසේ. කෙසේ නමුත් කෙන්ඩල්ගේ නිවසේ මංකොල්ලය සිදුවීමෙන් දින දෙකකට පසුව ජයිම්ගේ නිවෙසට සොරුන් පැමිණ තිබේ. ඇය සතුව තිබුණු රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරකම්කර ඇත. ඒවායෙහි වටිනාකම ඩොලර් 300,000ක් පමණ වන බවයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලොස් ඇන්ජලීස් පොලීසිය පැවසුවේ. මේ වනවිට මේ පිළිබඳව විදෙස් මාධ්‍ය විසින් විවිධ තොරතුරු වාර්තා කරනු ලබන අතර, එය නවත්වන ලෙසද උසාවි නියෝගයක් ලබාගැනීම පිළිබඳවත් වාර්තා වනු ලබයි.

 

 2017-04-05-ent-02 2017-04-05-ent-03