කෙටි කාලයකදී කෝටි 100ක්
ජුනි 15 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය කිරීමට නියමිතව ඇති රේමෝ ඩී සූසාගේ ‘රේස්’ තුන්වැනි චිත්රපටය කෙටි දිනකින් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයනු ඇතැයි එම චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන සල්මාන් ඛාන් පවසා තිබේ.
මේ දිනවල සිදු කෙරෙන ප්රචාරක කටයුත්තකදී ඔහු විසින් මේ ප්රකාශය සිදුකර තිබෙන අතර, සිනමා විචාරකයන්ද එය අනුමත කොට ඇත. සල්මාන් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ටයිගර් සින්දා හේ’, ‘ටියුබ්ලයිට්’ මෙන්ම ‘සුල්තාන්’ චිත්රපටයද ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක විය.