කුලෑටි ළමයෙකු වූ විකී කෞශාල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා කාලයේ සමාජයට මුහුණ නොදී කුලෑටිකමින් මුළු ගැන්වුණ බොහෝ දෙනෙක් පසුකාලීනව බොහෝ ජනප්‍රිය චරිත බවට පත් වී තිබේ. මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය විකී කෞශාල්ය. අද ජනප්‍රිය නළුවෙකු වුව ද පුංචි කාලයේ ඔහු හැම විටම උත්සාහ කළේ සැඟවී සිටින්නටය. අනෙක් අය අතරින් කැපී පෙනෙන කිසිවක් ඔහු කළේ නැත. 
“අම්මා හැම වෙලාවෙම හිතුවෙ මම තමයි හොඳම පුතා කියලා.. මගේ මල්ලී සනී හරි දඟයි කියලා එයා කිව්වෙ.. ඒත් ඇත්තටම ලැජ්ජාව හින්දා මුළුගැන්විලා හිටියට මම අවංක ළමයෙක් වුණේ නෑ.. අම්මා එහෙම විශ්වාස කළා විතරයි..” විකී කීවේය. 
ඔහු ඉගෙනීමට, ක්‍රීඩාවලට දක්ෂ වූයේය. ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූයේ චිත්‍රපටි නැරඹීමය. පාසැල් වේදිකාවේ කණ්ඩායම් වශයෙන් නර්තනාංග ඉදිරිපත් කරද්දී ඔහු නොවරදවාම ඒවාට සහභාගි වූයේය. 
“තනියම කෙනෙක් එක්ක කතා කරන්නවත් අකැමැති වුණාට එහෙම කණ්ඩායමක් එක්ක රඟපානකොට මට පුදුමාකාර නිදහසක් දැනුණා.. මං හිතන්නේ රඟපෑමේ අදහස හිතට ඇතුල් වුණේ ඒ කාලෙම වෙන්න ඇති..” විකී කෞශාල් කියන්නේය. 
රජිව් ගාන්ධි තාක්ෂණ විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගත් ඔහු ක්ෂේත්‍රයට ආවේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසිනි. ඉනික්බිති පුංචි පුංචි චරිත රඟපෑවේය. ඔහු ප්‍රධාන චරිතයක් රඟ පෑවේ මසාන් චිත්‍රපටියේය. ඉන් පසුව චිත්‍රපටි විස්සකට ආසන්න සංඛ්‍යාවක රඟ පෑ ඔහු හොඳම නළු සම්මානයෙන් ද පිදුම් ලබා ඇත්තේය. ඔහුගේ අලුත්ම චිත්‍රපටි දෙක තවම තිරගත වී නැත.

20210325Kusal-1