කුමාර් සානුටත් කොවිඩි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කේදර්නාත් භට්ටාචාර්ය කීවාට ඔහු හඳුනන අයෙක් නැත. එහෙත් කුමාර් සානු කී විට ලෝකයම ඔහු හඳුනන්නේය. මේ වන විට ඔහු චිත්‍රපටි පසුබිම් ගීත දහස් ගණනක් ගයා ඇත්තේය. සංගීතයේ රජු ලෙස ඔහු විරුදාවලි ලැබ ඇත්තේ එම නිසාය. සිය උපන් දේශය වන බෙංගාලයේ බසින්, හින්දි බසින් පමණක් නොව මරාති, ඇසෑමි, භෝජ්පූරි, තෙළිඟු, මලයාලම්, කන්නඩා, දෙමළ, පන්ජාබි, ඔරියා, චට්ටිස්ගාර්හි, උර්දු, පාලි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ භාෂාවලින් ද ගී ගයන්නට ඔහුට ඇත්තේ විශ්මිත හැකියාවකි. ඔහු පස් වරක් ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇතුළු බොහෝ සම්මාන ඔහු දිනා ඇත්තේය. 2009 දී ඔහු ඉන්දියාවේ පුවැසියන්ට පිරිනමනු ලබන විශිෂ්ට සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලද්දේය. ඔහුගේ විශේෂත්වය මොන තරම් ද යත් ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ නගරාධිපතිතුමා විසින් මාර්තු 31 දා කුමාර් සානු දිනය ලෙසින් නම් කරනු ලැබිණි. 
ඔහුට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි දැන ගන්නට ලැබුණ සැණින් ලෝකය පුරාම ඔහුගේ රසිකයෝ කම්පනයට පත් වූහ. ඔහුට ඉක්මන් සුවය පතා යාඥා කරන්නට ද ඔවුන් පසුබට වූයේ නැත. ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ පසුගිය ලොක්ඩවුන් සමයේ දිවාරෑ නොබලා වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙසින් බැව් ඔහුගේ සමීපතමයෝ පවසති. 
කුමාර්ගේ බිරිඳ සැලෝනි සහ දියණියන් දෙදෙනා වාසය කරන්නේ ලොස් ඇන්ජලීස්හිය. ඔක්තෝබර් 14 දා ඔහු එහි යාමට සූදානම් වෙමින් සිටියේ 20 දාට යෙදෙන සිය උපන් දිනය එහිදී සැමරීමේ බලාපොරොත්තුව ඇතිවය. 
“මාස නමයකින් මම මගේ පවුලේ අය එක්ක කාලය ගත කරලා තිබුණේ නෑ.. අවසානයේදී ගියේ මගෙ බිරිඳගේ උපන් දිනය වෙනුවෙන්..”
කුමාර් පැවසුවේ තමාට කොවිඞ් ආසාදනය වී ඇති බැව් දැන ගත්තාට පසුවය. මේ වන විට ඔහුගේ වාසස්ථානය සීල් තබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. 

චන්දි කොඩිකාර

20201110Sanu (1) 20201110Sanu (2) 20201110Sanu (3)