කුමාර් සානුට විරුද්ධව පැමිණිල්ලක්
ඉන්දියානු ගායක කුමාර් සානුට විරුද්ධව එක්තරා පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ ඔහු බිහාර් ප්‍රාන්තයේ, මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ එක්තරා ස්ථානයක සංගීත ප්‍රසංගයක් පැවැත්වීම හේතුවෙනි. රාත්‍රියේ ආරම්භ වී පසුදා අලුයම දක්වා පැවැත්වුණු මේ ප්‍රසංගය එහි එක්රොක්වි සිටි රසික කැල වෙත විනෝදයක් ලැබුනත්, ඒ අවට පදිංචිකරුවන්ට සිදු වී ඇත්තේ හිරිහැරයක් බවයි සඳහන් වන්නේ. මේ කාරණාව නිසා සානුට විරුද්ධව පුද්ගලයෙකු විසින් පැමිණිල්ල සිදු කර ඇති අතර, ඒ පිළිබඳව කටඋත්තර දීමට සානුට පොලීසිය වෙත යාමට වූ බවත් සඳහන් වෙයි.