කුඩම්මාගේ සෙනෙහස
තමන් හැර දමා වෙන සරණයක බැදෙන තාත්තා කෙරෙහි පමණක් නොව ඔහු ගේ අලූත් බිරිද කෙරෙහිත් දරුවන් තුළ වෛරයක් ඇති වීම සාධාරණය. අලූත් බිරි`දට සහයෝගයක් දීම කෙසේ වෙතත් ඇය දෙස හැරී බලන්නටවත් ඔවුන් කැමති වන්නේ නැත. එහෙත් හේමා මාලනී කියන්නේ ධර්මේන්ද්රගේ කලින් කසාදයේ පුතු සනී ඩියෝල් සම`ග ඇත්තේ ලස්සන සම්බන්ධයක් බවය.
ධර්මේන්ද්‍ර සිය බිරි`ද ප්‍රකාශ් කවුර් සහ පුතුන් දෙදෙනා සනී සහ බොබී අත් හැර දමා හේමා මාලිනී සම`ග විවාහ වූයේය. ඒ විවාහයෙන් ඔහුට ලැබුණේ දියණියන් දෙදෙනෙකි. ඒ ඊශා සහ අහානාය.
‘‘හැමෝම මගෙන් අහන්නේ සනීයි මායි අතරේ තිබුණේ කොයි වගේ සම්බන්ධයක් ද කියලා.. ඇත්තටම ඒක හරි ලස්සන මිත්‍රශීලි සම්බන්ධයක්.. මට උදව්වවක් ඕන හැම වෙලාවේම සනී එතෙන්ට ආවා..’’
69 හැවිරිදි හේමා මාලිනී කියන්නීය.
2015 දිනයකදී ඇය අග්‍රා සිට ජායිපූර් දක්වා යමින් සිටියදී රාජස්ථානයේදී ඇගේ මර්සීඞීස් කාරය ඇල්ටෝ කාරයක ගැටීම නිසා ඇය තුවාල ලැබුවාය. ඇගේ නාසය කැඞී ගිය අතර මුහුණට ද තුවාල සිදු වූයේය.
‘‘ඒ වෙලාවේ ඉස්සර වෙලාම මාව බලන්න ගෙදරට ආවේ සනී.. එයා මට ප්‍රතිකාර කරපු දොස්තරලා ගැනත් ොහයලා බැලූවා.. ඒ හො`දම දොස්තරලා කියලා දැන ගත්තට පස්සෙ තමයි එයා සෑහීමකට පත් වුණේ.. ඇත්තටම මටත් පුදුම හිතුණා ඒ උනන්දුව ගැන..’’
හේමා මේ තොරතුරු පැවසුවේ ඇගේ ජීවිත කතාව ඇතුළත් ‘හේමා මාලිනි බියොන්ඞ් ද ඩ්‍රීම් ගර්ල්’ කෘතිය එළි දැක්වීමේ උත්සවයේදීය. මේ පොත ලියා ඇත්තේ රාම් කමල් මුඛර්ජි විසිනි. හේමා ගේ පවුලේ උදවිය මෙන්ම ක්ෂේත්රයේ හිතවතුන් වන රාම් සිප්පි, ජූහි චව්ලා, සුභාෂ් ඝායි ඇතුළු පිරිසක් ද එයට සහභාගි වී සිටියහ.