කුච් කුච් හෝතාහේ නැවතත්?
මේ වනවිට නිවේදකයෙකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වූවත් කරන් ජොහාර් පිළිබඳව බොහෝ දෙනා දැනහැඳින ගන්නේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසිණි.
1998 වසරේදී සිදුකළ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් ‘Kuch Kuch Hotha Hai’ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔහුගේය. එහි ප්‍රධාන රංගනයෙන් දායක වූයේ ශාරුක් ඛාන්, කාජල් සමගින් රාණි මුඛර්ජිය. බොලිවුඩ් සිනමාවේ රසික ආදරය දිනූ ප්‍රේමණීය චිත්‍රපට අතර ‘Kuch Kuch Hotha Hai’ චිත්‍රපටයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
46 වැනි ඉන්දීය ජාතික සම්මාන උලෙළේ, 44 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ, ස්ටාර් ස්ක්‍රීන් සම්මාන උලෙළේ, සී සිනමා උලේළේ සහ බොලිවුඩ් මූවි යන සම්මාන උලෙළවල්හි සම්මාන 34කට වඩා ප්‍රමාණයක් මෙම චිත්‍රපටය සඳහා හිමිව තිබේ. විශාල සම්මාන ප්‍රමාණයක් හිමි මෙම චිත්‍රපටය පසුගියදා සිය 20 වැනි සංවත්සරය ඉහළින් සමරනු ලැබීය. කරන් සමගින් ශාරුක්, කාජල්, රාණි සමගින් බොලිවුඩ් තරු රැසක් එයට සහභාගි වී සිටියහ. මෙම සැමරීම අතරතුරේදී එම චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණය කිරීමට කරන් වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ඉන්දියානු මාධ්‍ය විසින් සඳහන් කරනු ලැබුවේය.
මීට පෙරදීත් ගුවන්විදුලි වැඩසටහනක් අතර රසිකයෙකු කරන් ගෙන් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ විමසා සිටිය අතර, එහිදී ඔහු පැවසූයේ ‘Kuch Kuch Hota Hai’ යළි ප්‍රතිනිර්මාණය කරන්නේ නම් හෝ එහි දෙවැන්නක් නිර්මාණය කරන්නේ නම් ආලියා භාත්, රන්බීර් කපූර් සහ ජාන්වි කපූර් අනිවාර්යයෙන් එහි සිටිනා බවයි.