'කුංග්ෆු යෝගා' මිලියන 222ක් උපයයි
ඉන්දු - චයිනා සම නිර්මාණයක් ලෙස එළිදැක්වූ ‘කුංග්ෆු යෝගා’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 222ක මුදලක් උපයා ගෙන ඇත. හොලිවුඩ් සිනමා නළු ජැකි චෑන්ගේ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටයේ ඔහු සමගින් බොලිවුඩ් සිනමා නළු නිළියන් වූ සෝනු සෝඩි, ඩිෂා පටානි, ඇමිරා ඩස්ටර් රංගනයෙන් දායක වී තිබේ.
මෙම චිත්‍රපටය මේ වනවිට හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේද තිරගත වන අතර, කොරියාවේ හා චීනයේද දැනට ජනප්‍රිය වී තිබේ. මෙය ජැකි විසින් නිෂ්පාදනය කරනු ලැබූ 12 වැනි චිත්‍රපටය වීමද විශේෂත්වයකි.