කී‍්‍රඩාවට කැමති අභිෂේක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-05-ent-20

‘‘දරුවන්ට කී‍්‍රඩාව ඉතාමත් අවශ්‍යයි.. මං හිතන්නෙ හැම දරුවෙක්ම අඩුම ගාණෙ එක කී‍්‍රඩාවකවත් යෙදෙන්න ඕන..’’

එසේ කියන්නේ අභිෂේක් බච්චන්ය. ඔහු කි‍්‍රඩාවලට මොන තරම් ඇලූම් කරන්නේ ද යත් පසු ගිය කාලයේම ර`ගපෑම පවා අමතක කර ඔහු ගේ පාපන්දු කණ්ඩායමට සහයෝගය දක්වමින් සිටියේය. ඉන්දියානු පාපන්දු තර`ගාවලියට සහභාගි වෙන කණ්ඩායම් අතර ඔහුට අයත් කණ්ඩායමක් ද තිබේ.

මේ වසරේ සිට ඔහු කබඩි කි‍්‍රඩාවටත් සහයෝගය දක්වන්නට තීරණය කර තිබේ. වෘත්තීය කබඩි කණ්ඩායමක් පිහිටුවීමට මුල් වූ නළුවන් අතර අභිෂේක් සිටින්නේ පෙරමුණේමය.

ඔහු මෙන්ම ඔහුගේ පියා අමිතාබ් ද කි‍්‍රඩාවලට ඇලූම් කරයි. ඊටත් වඩා සිය දියණිය ආරාධ්‍යා කි‍්‍රඩාශීලී තැනැත්තියක බැව් අභිෂේක් කියන්නේය. ‘‘ඇය තවම නියමිත කී‍්‍රඩාවක් තෝරාගෙන නෑ.. ඒත් හැම දේකටම හු`ගක් කැමැත්තෙන් සහභාගි වෙනවා.. තමන්ට කැමති දෙයක් එයා කවදා හරි තෝරා ගනියි.. දෙමව්පියෝ කවදාවත් දරුවන්ට බල කරන්න හො`ද නෑ මේ දේම කරන්න ඕන කියලා.. දරුවෝ යම් දේකට දක්ෂ ද, ඒ පැත්තට යොමු කරන එක තමයි කරන්න ඕන..’’

අභිෂේක් කියයි.

කී‍්‍රඩාවලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා ඔහු චිත‍්‍රපටිවලින් තරමක් ඈත් වී සිටියේය. අවසානයට ඔහු දකින්නට ලැබුණේ 2016 තිරගත වූ හවුස්ෆුල් 3 චිත‍්‍රපටියේය. මේ වසරේ සිට තමා නැවතත් චිත‍්‍රපටිවලට සම්බන්ධ වන බැව් අභිෂේක් කියයි. තාප්සී පන්නු සම`ග මන්මර්සියන් චිත‍්‍රපටියේ ඔහු දක්නට ලැබෙනු ඇත. එමෙන්ම ගුලාම් ජමුන් සහ ලෙෆ්ටි චිත‍්‍රපටිවලට ද ඔහු තෝරාගෙන ඇති බවට කටකතා පැතිර තිබේ.

 

2018-02-05-ent-18 2018-02-05-ent-19