කිහිප වරක් කල්ගිය 'කලාකන්දි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-66

පසුගිය වසරේ තිරගත වීමට තිබූ සායිෆ් අලි ඛාන්ගේ ‘කලාකන්දි’ බොලිවුඩ් චිත්‍රපටය එළැඹෙන වසරේ ජනවාරි 12 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. සායිෆ් අලී ඛාන් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ඔහු සමගින් 30 වැනි වියෙහි පසුවන දකුණු ඉන්දීය සිනමා නිළි ඊෂා තල්වාර් ප්‍රධාන චරිත නිරූපණය කරයි.

පසුගිය වසරේ සායිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වූ ‘චෙෆ්’ චිත්‍රපටය අසාර්ථක වූ අතර, එය වියදම් වූ මුදල පවා සොයා ගැනීමට අපොහොසත් විය. එමෙන්ම සායිෆ් පසුගිය වසර කිහිපයේදීම රංගනයෙන් දායක වූ ‘රැන්ගොන්’, ‘පැන්ටම්’ හා ‘හැෆි එඩින්ග්’ චිත්‍රපට සියල්ලමද අසාර්ථක ඒවා බවට පත්විය.