කියාරා යොදා හනි සිං කරපු මියුසික් විඩියෝව
‘ලුස්ට් ස්ටෝරි’ චිත්රපටයේ අන්දෝලනාත්මක රංගනයක නියැලුණ කියාරා අද්වානි පිළිබඳව මේ වනවිට නොදන්නා කෙනෙකු නැති තරම්ය. මේ වනවිට චිත්රපට කිහිපයකම රූපගත කිරීම් සඳහා දායකව සිටින කියාරා පසුගියදා ජනප්රිය බොලිවුඩ් පොප් ගායක යෝ යෝ හනි සිංගේ අලුත්ම ගීතය සඳහා රංගනයෙන් දායක වී ඇත.
ඇය මෙහි දායක වී ඇත්තේ තවත් බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්රියත්වයක් හිමි කරගෙන ඇති ෂාහිඩ් කපූර් සමගය. 90 දශකයේ රහමන් විසින් ගායනා කළ ‘උර්වෂී’ ගීතය මෙසේ හනි සිං විසින් රිමේක් කර ඇති අතර, මේ වනවිට එය අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වේ.