කියාරා අද්වානි ඉතාලියේ
ජනප්රිය ඉන්දීය සිනමා නිළි කියාරා අද්වානි මේ දිනවල ඉතාලියේ නිවාඩුවක් ගත කරමින් සිටින බව වාර්තාවේ. පසුගිය කාලයේ එක දිගට චිත්රපටවල රූපගත කිරිම් සඳහා සම්බන්ධ වු නිසාවෙන් කෙටි විවේකයක් ගැනීමට ඇය මෙසේ ඉතාලියට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇය දින 14ක කාලයක් ඉතාලියේ ගත කරන බව සඳහන් වේ. මේ වසරේ ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටය වන ‘කබිර් සිං’ චිත්රපටයේ ප්රධාන නිළිය වන්නේද ඇය වන අතර, ආක්ෂේ කුමාර් හා කරීනා කපූර් සමගින් රංගනයෙන් දායක වූ ‘ගුඩ් නිවුස්’ චිත්රපටය තවත් නොබෝ දිනකින් ප්රදර්ශනය වීමට නියමිතව ඇත.