කියාරා අද්වානිට දමිල සිනමාවට
මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්රපට අතරින් වැඩිම ආදායමක් උපයාගත් ‘කබිර් සිං’ චිත්රපටයේ රඟපෑ කියාරා අද්වානිට දමිල සිනමාවට එක්වීමේ අවස්ථාවක් හිමිව ඇත. ඒ සුපිරි දකුණු ඉන්දීය නළු විජේ පෙනී සිටින චිත්රපටයක රඟපෑමටය. කෙසේ වෙතත්, මෙම චිත්රපටය තවමත් සාකච්ඡා මට්ටමින් පවතින අතර, තවත් නොබෝ දිනකින් තිරගත වීමට නියමිත විජේගේ ‘බිගිල්’ චිත්රපටය තිරගත වූ පසුව මෙම චිත්රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.