කිම්ගේ දරුවෙකු වෙනත් කුසක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-96

​සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන් සහ ඇයගේ සැමියා වන කෙන්යේ වෙස්ට්ගේ සොඳුරු කැදැල්ල සඳහා තවත් අමුත්තෙකුට ඉඩ ඇති බව පසුගිය කාලයේ ඔවුන් සඳහන් කර තිබිණි. මොවුන් දෙදෙනා තවත් දරුවෙකු තම කැදැල්ල වෙත ගෙන ඒමට උත්සාහ දැරුවත්, එම සිහිනය බොඳවීමේ ලකුණක් ඇති බව සඳහන් වේ. කිම්ව පරීක්ෂා කළ වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ ඇයගේ ගර්භාෂයෙහි මතුවී තිබෙන අසාමාන්‍යතාවක් හේතුවෙන් ඇයට තවත් දරුවෙකු බිහි කිරීමට නොහැකි බවයි. යම් හෙයකින් ඇය ගැබිනියක වුවහොත් එය ඇගේ ජීවිතයට අවදානමක් එක් කරන බවත් ඔවුන් පවසා තිබේ.

මේ හේතුවෙන් කෙන්යේ සහ කිම් තීරණය කර ඇත්තේ, වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුළ දෙදෙනාගේ ලෙයින් මසින් හැදෙන දරුවකු බිහිකර ගැනීමටය. පසුගිය දිනවල එම කටයුත්ත සාර්ථක වී තිබේ. දෙදෙනාගේ සිහිනය යථාර්ථයක් කිරීමට එක්තරා කාන්තාවක් ඉදිරිපත් වී ඇති අතර, ඇයට මේ කාරණාව වෙනුවෙන් මසකට ඩොලර් 4,500ක් බැගින් ඩොලර් 45,000ක මුදලක් ගෙවීමට කෙන්යේ සහ කිම් එකඟ වී තිබේ. එම මුදල ඇතුළුව ඔවුන් දෙදෙනාට ඩොලර් 1,13,850ක මුදලක් දැරීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් වේ. කෙන්යේ - කිම් යුවළගේ දරුවා තමන්ගේ ගැබ තුළ වැඩෙන කාලයේදී සහ දරුවා බිහිවන තුරු දුම්පානයෙන් සහ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින්නැයි වෛද්‍යවරු එම කාන්තාවට උපදෙස් දී තිබෙන බවද වාර්තා වේ.

 

 2017-07-20-ent-97