කිම් කාර්ඩිෂන්ගේ සුවඳ විඳගන්න හැමෝටම අවස්ථාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිම් කාර්ඩිෂන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැමෝම දන්නවානේ ඇයගේ ජීවන රටාව ගැන. මේ කියන්න යන්නේ කිම්ගේ අලුත් වැඩක් ගැනයි. ඒ තමයි අනිත් ලෝක ප්‍රසිද්ධ තරු වගේම කිම් කාර්ඩිෂනුත් ව්‍යාපාරයක් පටන් අරන්. 

හැබැයි මේක ටිකක් වෙනස් එකක්. ඒ තමයි කිම් තමන්ගේ නමින් සුවඳ විලවුන් නිෂ්පාදනය කිහිපයක් හඳුන්වලා දීලා. ඉතිං ඒ සුවඳ විලවුන් වර්ගය හඳුන්වලා දවසක් යන්නත් කලින් එම විලවුන් විකිණිලා ඩොලර් මිලියන 5ක් උපයලා තියෙනවා. 

මේ ගැන කියන්න කිම් කිසිම ප්‍රචාරණ කටයුත්තක් කරලා නැහැ. කරලා තියෙන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන කියලා තියෙන එකයි. ඒ වගේම තමන්ට හිතවත් කිහිප දෙනෙක්ටත් ඇය මේ විලවුන් තෑගි වශයෙන් යවලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ යවපු තෑගි ටික එයාලත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරලා. 

Kimoji Vibes, Kimoji Cherry සහ Kimoji Peach යන වර්ග තුනකින් ඔබට දැන් කිම්ගේ සුවඳ විලවුන් නිෂ්පාදන, එකක් ඩොලර් 45ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්.  කිම් කඩෑෂියන්ගේ සුවඳ විඳගන්න මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්.

20180719Kim-1

20180719Kim-2 20180719Kim-3