කිම් කාර්ඩිෂන් ඇමෙරිකානු ජනපතිව හමුවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-35

ඇමරිකාවේ රියැලිටි තරුවක් මෙන්ම සරාගී නිළියක් සහ නිරූපිකාවක් වන කිම් කාඩේෂියන්ගේ හමුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරනවා. ඒ ඇමෙරිකානු ජනපති වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුණ ගැසීමයි. මෙම මුණ ගැසීම සිදුව ඇත්තේ ධවල මන්දිරයේදී බවයි සඳහන් වන්නේ.

එම හමුවේදී ජනාධිපති උපදේශක සහ ඔහුගේ වැඩිමහල් දියණියගේ සැමියා වන ජෙරම් කුෂ්නර්ද සමග සාකච්ඡාවක් සඳහා යොමුව තිබේ. මෙම හමුවීමේදී කිම් කාර්ඩිෂන්ගේ අරමුණ වී ඇත්තේ, මත්ද්‍රව්‍යය ව්‍යාපාරය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා සඳහා 1996 වසරේදී ජීවිතාන්තය දක්වා සිරගත වූ සිය මිත්තණිය නිදහස් කරගැනීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ. මොවුන් අතර පැවතුනු සාකච්ඡාව පැයක කාලයක් පුරා පැවැති බවයි වාර්තාවන්නේ.

මේ සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී ඇත්තේ ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය වන ඉවන්කා ට්‍රම්ප් බවද විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. ඇයට නිදහස ලබාදෙන ලෙස මීට පෙරද අභියාචනයක් ඉදිරිපත් වූ අතර හිටපු ජනපති බැරක් ඔබාමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන් වෙයි.