කිම් කාර්ඩිෂන්ගේ නිරුවත ගැන ආන්දෝලනාත්මක පුවතක්
ලොවම තම වසඟයට ගත් කිම් කාර්ඩිෂන් පිළිබඳව දිනෙන් දින පුවත් මැවෙන බව කවුරුත් දන්නා කරුණක්. මෙම පුවතත් වසර 10කට පමණ පෙර සිදුවූ සිදුවීමක හෙළිදරව් වීමක් පිළිබඳවයි. ඒ තමන්ගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ හැසිරුණු ආකාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මීට වරස 10කට පෙර ඇයගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් සිදුකරනු ලැබූ දෙයක් ලෙසයි මෙය අනාවරණය වන්නේ, ඒ ඇයගේ නිරුවත් වීඩියෝවක් Vivid Entertainment මගින් අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධවයි. කිම් කාර්ඩිෂන්ගේ නිරුවත් වීඩියෝවක් Vivid Entertainment ආයතනය මගින් අන්තර්ජාලයට එක්කොට ඇත. එම වීඩියෝව සඳහා කිම් කාර්ඩිෂන් එම ආයතනය විරුද්ධව කටයුතු කර ඇති බවද සඳහන් වෙයි. මෙහි නවතම ආරංචිය වන්නේ එම ආයතනය මෙම වීඩියෝව සඳහා කිම් කාර්ඩිෂන්ට මුදල් ගෙවූ බවයි. එම හේතුවෙන් අන්තර්ජාලය එක් කිරීමට එම ආයතනය විසින් කිම් කාර්ඩිෂන් හට ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක් ගෙවු බවද සඳහන් වෙයි.
කිම්ගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ ඇය හිඳ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බවයි එහි දැක්වෙන්නේ. මේ අතර අදාළ වීඩියෝවේ සිටින්නේ තමන් නොවන බව ඇය විසින් ප්‍රථමයෙන් ප්‍රකාශකර ඇති අතර, එහිදී ඇය නිදෝස බවද සඳහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.