'කික්' වලින් පස්සේ 'රේස්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-06-ent-15

2014 වසරේ තිරගත වූ ‘කික්’ චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි චරිත නිරූපණය කළ සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් හා ජැක්ලින් ෆර්නැන්ඩේස් ඉදිරියේදී තවත් බොලිවුඩ් චිත්‍රපටයක් තුළින් දක්නට ලැබේ. ඒ 2018 වසරේදී තිරගත කිරීමට සැලසුම් කර ඇති රේමෝ ඩී සූසාගේ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටය තුළිනි.

මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, චිත්‍රපටය ලබන වසරේ මැයි හා අගෝස්තු කාලසීමාව තුළ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ. අවසන් ‘රේස්’ දෙවැනි චිත්‍රපටය 2013 වසරේදී තිරගත වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. එහි සායිෆ් අලී ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර, ජැකලින් ෆර්නැන්ඩේස්, දිපීකා පදුකෝන්, ජෝන් ඒබ්‍ර්හිම් රංගනයෙන් දායකවූහ.