‘කික්’ දෙවැන්න කල්යන ලකුණු
‘ඩබාන්ග්’ තුන්වැන්නේ රූපගත කිරිම් ආරම්භ කිරීමත් සමග මේ වසරේ අගදී තිරගත වීමට නියමිතව තිබු ‘කික්’ දෙවැනි චිත්රපටය කල්ගත වන ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ‘ඩබාන්ග්’ තුන්වැන්නද සමග සල්මාන් මේ වනවිට සංජය ලීලා බන්සාලිගේ ‘ඉන්සාල්ලා’ චිත්රපටයේද වැඩ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර, සල්මාන් ‘චස්මි බාදූර්’ ලෙස නිර්මාණය වූ චිත්රපටය අනු නිර්මාණයක් සඳහාද මේ වනවිට අත්සන් කර තිබෙන බව සඳහන් වේ.
‘කික්’ දෙවැන්න කෙසේ වෙතත්. ‘චස්මි බාදූර්’ චිත්රපටයේ නැවත වරක් සල්මාන් ඛාන් සමගින් ජැකලින් ෆර්නැන්ඩෙස් රංගනයෙන් දායක වන අතර, ඉදිරියේදී නැවත වරක් ඔවුන් දෙදෙනා සිනමා පෙම්වතුන් ලෙස ප්රේක්ෂකයන්ට දැක බලා ගැනීමට අවස්ථාවක්ද ලැබේ. ‘කික්’ දෙවැනි චිත්රපටයේද සල්මාන් හා ජැකලින් ෆර්නැන්ඩෙස් ප්රධාන චරිත නිරූපණය කිරිමට නියමිතව තිබේ. පසුගිය කාලයේ සල්මාන් ඛාන්, දිපීකා පදුකෝන් සමගින් ‘කික්’ දෙවැන්නේ රඟපාන බවටද රාවයක් පැතිර ගිය බව සඳහන් වේ.