කෑන්ස් රතු පලස මත ක්‍රිස්ටින්ගේ නොමනා හැසිරීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-16-ent-49

‘ට්වලයිට් සාගා’ චිත්‍රපට මාලාව ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් ක්‍රිස්ටිනා ස්ටුවර්ට් මේ දිනවල කතාබහට ලක්ව තිබේ. ඒ ඇය කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත සිදුකළ නොමනා හැසිරීම හේතුවෙනි. එනම් රතු පලස මතදී ඇය පැලඳ සිටි පාවහන් යුගල ගලවා අතේ රැගෙන යාම බොහෝ දෙදෙනකුගේ විවේචනය පත්ව තිබේ. බොහෝ හොලිවුඩ් සහ බොලිවුඩ් නළු නිළියන් මෙම චිත්‍රපට උළෙල සඳහා සහභාගී වේ. මෙහි ප්‍රධාන අංගයක් වන්නේ රතු පලස මත තමන් වෙනුවෙන් ආදරය කරන රසිකයන්ට ගෞරව දැක්වීමයි. එම කාරණාව හේතුවෙන් රතු පලස වෙනුවෙන් පිළිවෙතක් කෑන්ස් චිත්‍රපට උළෙල ආරම්භ වූ කාලයේ සිටම පැවත එමින් තිබේ. එම ක්‍රමයට ක්‍රිස්ටිනාගේ හැසිරීම අගෞරවයක් ලෙස ඔවුන් සඳහන් කරන්නේ.

 

 2018-05-16-ent-48 2018-05-16-ent-47