කැරට් කා කෝපි බී ගෙවුණු දවස් 15ක්
තමා රඟපාන චරිතය තුළම ජීවත්වන නළුවෙකු ලෙස රාජ්කුමාර් රාඹ් ප‍්‍රසිද්ධය. ඔහුගේ ඊළඟ චිත‍්‍රපටිය ට‍්‍රැප්ඞ්හි ඔහු රඟපාන්නේ උගුලකට හසු වී ආහාර තබා වතුරවත් නැතිව දුක් විඳින මිනිසෙකුගේ චරිතයකි. මේ චරිතය යථාර්ථවාදීව පිළිබිඹු කිරීම පිණිස ඔහු දවස් 15ක්ම ජීවත් වූයේ කෝපි සහ කැරට් පමණක් ආහාරයට ගනිමිනි.
‘‘මේ කතාවේ හැටියට උගුලට අහුවෙලා ඉන්න මිනිහට කිසිම කෑමක් බීමක් ලැබෙන්නෙ නෑ. නළුවෙක් විදියට මගෙ වගකීම තමයි ඒ අත්දැකීම ඒ විදියටම ලබාගැනීම. එහෙම නැත්නම් මං කරන්නෙ බොරුවක් කියලා පේ‍්‍රක්‍ෂකයින්ට තේරෙනවා. ඒ හින්දා මම කෝපි බීලා කැරට් කාලා දවස් පහළොවක්ම ගත කළා. මේ හැමදේම මං කළේ චිත‍්‍රපටිය වෙනුවෙන්....’’ ඔහු කියයි.
මේ චිත‍්‍රපටිය වෙනුවෙන් තමා කළේ අමරණීය කැප කිරීමක් බව ඔහු තවදුරටත් කීවේය.
‘‘මේ වගේ අවස්ථාවක් නළුවෙකුට හැමදාම ලැබෙයි ද කියල කියන්න බෑ... ඒ වගේම මම අභියෝගවලට මූණ දෙන්නත් හරි කැමැතියි.’’ රාජ් කුමාර් රාඹ් කියන්නේය.
ගීතාංජලී නාපාද රඟපාන ට‍්‍රැප්ඞ් චිත‍්‍රපටිය මාර්තු 17 දා සිට තිරගත වෙන්නට නියමිතය.