‘කැප්ටන් මාවල්’ දෙවැන්නට අලුත් අධ්‍යක්ෂකවරියක්..
2022 වසරේ ජූලි 08 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටයේ දෙවැන්න සඳහා අලුත් අධ්‍යක්ෂවරියක් පසුගියදා ‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් හඳුන්වාදි ඇත. ඒ කළු ජාතික කාන්තාවක් වන නියා ඩාකෝස්ටාය.
ඇය අතිශය ජනප්‍රිය වූ ‘කැන්ඩිමන්’ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබුණි. ‘කැප්ටන් මාවල්’ පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වූ කාලසිමාවේදි ඇමෙරිකානු ඩොලර් බිලියන 1.13ක මුදලක් උපයාගත් අතර, ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ එහි දෙවැන්නද එවැනිම ආදායමක් උපයාගනු ඇති බවට විශ්වාස කළ හැකි බවය.