'කැප්ටන් ඇමෙරිකා' විශ්‍රාම යද්දී 'කැප්ටන් මාර්වෙල්' වැඩ බාර ගනියි
මේ වසරේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ චිත්‍රපටයක් වන ‘ඇවෙන්ජ්ර්ස් ඉන්ෆින්ටි’ චිත්‍රපටයේ අවසානය පිළිබඳව බොහෝ දෙනෙකුට දැඩි කුතුහලයක් ඇති වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණාවක් නොවේ. ලබන වසරේ ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ චිත්රපටයෙහි අවසානය රැගත් චිත්‍රපටයක් ගෙන ඒමට සූදානම් බව මාර්වෙල් සමාගම සඳහන් කරන අතර, ඒ සඳහා නව චරිතයක් ඇතුළත් කරන බවටද ඔවුහු ඉඟි පළ කළහ.
ඒ ඉඟියත් සමගින් පසුගියදා මාර්වෙල් සමාගම විසින් කොමික් ග්‍රන්ථය ඇසුරෙන් නව චරිතයක් චිත්‍රපට ලෝකයට හඳුන්වා දුන්නේය. ඒ ‘කැප්ටන් මාර්වෙල්’ නම් චරිතයයි. ‘කැප්ටන් ඇමෙරිකා’ චරිතය අවසන් වී යෑමත් සමගින් මෙම චරිත හඳුන්වා දීමට මාර්වෙල් සමාගම කටයුතු කර තිබේ.
පසුගියදා එහි ප්රචාරක පටය එළිදැක් වූ අතර ඒ සමග ‘ඇවෙන්ජර්ස්’ නවතම චිත්‍රපටය ගැනත් යළි කතාබහක් ඇතිව තිබේ. කෙසේ වුවත් මාර්වෙල් සමාගමේ නවතම චරිතය වූ ‘කැප්ටන් මාර්වෙල්’ ගේ චරිතය රඟදක්වනු ලබන්නේ සම්මානලාභී නිළියක වන ‘Brianne Sidonie Desaulniers’ (බ්‍රියන් සිදෝනි ඩිසෝල්නියර්ස්) නොහොත් හොලිවුඩයේ කවුරුත් දන්නා ‘Brie Larson’ (බ්‍රී ලාසන්) විසිනි.
කුඩා කාලයේ සිටම රංගනය නැඹුරුවක් තිබූ ඇය අවුරුදු 06 සිට රංගන පිළිබඳව ‘ඇමෙරිකන් කොන්සවේටරි’ රංගන විද්‍යාලයෙන් හැරුවාය. ඇයගේ නාමය උච්චාරණයට යම් කිසි අපහසුතාවක් ඇති හෙයින් ‘ලාසන්’ ලෙස ඇය තම නම වෙනස් කර ගත්තාය. 1998 වර්ෂයේදී ‘The Tonight Show with Jay Leno’ නම් හාස්‍ය වැඩසටන ඉදිරිපත් කරන්නියක ලෙස ඇය සිය ප්‍රථම වෘත්තියේ නිරත වූවාය. ඇයට සිනමාවට පිවිසීමට අවස්ථාව උදා වන්නේ 1999 වසරේදීය. ඒ ඇයගේ පළමු චිත්‍රපටය වන ‘Special Delivery’ චිත්‍රපටය ඔස්සේය. අනතුරුව නැවතත් 1999 වර්ෂයේ ඇය ‘Touched by an Angel’ රූපවාහිනී වැඩසටහනක් සඳහාද දායක වූවාය. 2001 වර්ෂයේදී ‘Rising Dad’ නම් රූපවාහිනී කතාමාලාවට ඇය දායක වූ අතර, 2003 වර්ෂයේදී ‘Right on Track’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. ඇය රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළේ සිය උසස් අධ්‍යාපනය ඇරඹීමටත් පෙරය.
2004,2005, 2006, 2007 යන වර්ෂවලදී ඇය වසරකට එක බැගින් චිත්‍රපටයක් සඳහා දායක වූ අතර, 2009 වර්ෂයේදී ඇය ප්‍රසිද්ධියට පත් චිත්‍රපට වන්නේ ‘Tanner Hall’ සහ ‘Just Peck’ යන චිත්‍රපටයි. ඉන් අනතුරුව ‘Hoot’, ‘Greenberg’, ‘Scott Pilgrim vs. The World’, ‘Rampart’, ‘21 Jump Street’ චිත්‍රපටවල රංගන දායකත්වය ලබාදුන් ඇය ලොව පුරා ජනාදරයටද පත්වූවාය.
ඇය 2015 වර්ෂයේදී ‘Golden Globe’ සම්මානය හිමිකර ගනු ලබන්නේ ‘Room’ යන චිත්‍රපටය වෙනුවෙනි. ඇය රංගන හැකියාවෙන් පරිපූර්ණ වූ අතර, ඇයගේ තවත් එක් පැතිකඩක් පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරනු ලැබීය. ඒ ඇය දක්ෂ අධ්යක්ෂවරියක්ද වීමත් සමගිනි. 2011 වර්ෂයේ ‘Weighting’ සහ 2012 වර්ෂයේදී ‘The Arm’ නමින් ඇය කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළාය.
2005 වර්ෂයේදී ‘Finally Out of P.E.’ නමින් ඇයගේ පළමු ගීත ඇල්බමයද එළිදැක්වීය. ගායනය ඔස්සේ තමන්ගේ දස්කම් ලොවට විදහා පෑමට ඇයට එමගින් හැකියාව ලැබුණි. ඊට අමතරව සම්මාන අතින් ‘BAFTA Award, Indie Spirit Award, SAG Award‘ යන සම්මාන උලෙළවල් සඳහා හොඳම නිළිය සම්මානය උදෙසාද ඇය නිර්දේශ වූවාය.
2016 දී ‘Free Fire’ චිත්‍රපටයටද, 2017 වසරේදී ‘Kong : Skull Island’, ‘The Glass Castle’, ‘Unicorn Store’ සහ ‘Basmati Blues’ චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක විය. මෙම වසරේදී ඇය කිසිඳු නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක නොවීය. 2019 වසරේදී මාර්වෙල් සමාගමේ නවතම නිර්මාණය වන ‘Captain Marvel’ චිත්‍රපටය එළිදැක්වීමට නියමිත අතර, ‘ඇවෙන්ජ්ර්ස්’ නවතම චිත්‍රපටයට ඇය දායක වන බව සඳහන් වේ.
ඊට අමතරව ඇය රංගනයෙන් දායක වීමට නියමිතව ඇති තවත් චිත්‍රපටයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි. ඒ 2020 දී එළිදැක්වීමට නියමිතව ඇති ‘Just Mercy’ නම් චිත්‍රපටයයි. මාර්වෙල් සමාගමේ නවතම චරිතය ඔස්සේ නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය කොතරම් සාර්ථක වේදැයි යන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් සිටින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.