කැතී පෙරීගේ පෙම අවසන්
ඕලැන්ඩෝ බ්ලූම් සහ කැතී පෙරී හොලිවුඩ් පුරයට සුන්දරත්වය එක්කළ තරු යුවළක්. පසුගිය වසරේ මුල් කාලවකවානුවේදී මොවුන් දෙදෙනාගේ ප්‍රේම කතාව ඇරඹුණි. 2016 වසරේ පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ සාදයෙන් පසුව මිතුරු වූ ඕලැන්ඩෝ සහ කැතී වසරකට වැඩි කාලයක් පෙමින් වෙළී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් පසුගිය මාසයේ ඔවුන් දෙදෙනා එංගලන්තයේ සංචාරය කළ අතර, එයට හේතුව වූයේ ඕලැන්ඩෝ සහ කැතීගේ උපන් රට එංගලන්තය වීමයි. එහිදී දෙදෙනාගේ සමීප මිතුරියක වන ජැමී ශිනීඩර්ගේ විවාහ මංගල උත්සවයටද ඔවුන් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය කාලයේ ඉතාලියේද සංචාරය කරනු ලැබූ ඕලැන්ඩෝ සහ කැතී, රුවල් නැවක නැඟී තමන්ගේ නිදහස විඳින අයුරු කාටත් දැකගත හැකි වූයේ විදෙස් මාධ්‍ය විසින් එහි ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගිනි. කෙසේවෙතත් දැන් මේ පෙම් සබඳතාවය අවසන් බවයි සඳහන් වන්නේ. මෙහි තවත් පුවතක් වන්නේ කැතී, ඕලැන්ඩෝගෙන් වෙන්ව ගොස් ඇත්තේ ඇය ආදරයෙන් රැකබලා ගත් සුරතල් බලු පැටවාද අතහැර දමමින් බවයි. පසුගියදා ඕලැන්ඩෝ මේ බලු පැටවා සමග පෙනී සිටින ඡායාරූපයක් ගෙන එය ටුවිටර් පිටුවට එක්කර තිබුණේ මේ බවද සඳහන් කරමිනි.