'කාලා' අප්‍රේල් 20 වැනිද ප්‍රදර්ශනයට
දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු රාජිණිකාන්ත් රංගනයෙන් දාය වන අලුත්ම දමිල චිත්‍රපටය අප්‍රේල් 20 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. කිහිපවරක් ඔහු රංගනයෙන් දායක වූ මෙම ‘කාලා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනය කල්ගත වූ අතර, පසුව එය අප්‍රේල් 20 වැනිදාට යොදා ගත් චිත්‍රපට නිෂ්පාදක මන්ඩලය මාධ්‍යයට පවසා ඇත.
මෙම චිත්‍රපටය දකුණු ඉන්දියාවේ මෙන්ම උතුරු ඉන්දියාවේද එක්ව තිරගත කිරීමට සූදානම් තිබේ. එයට හේතුව නම් මෙම චිත්‍රපටයේ රාජිණිකාන්ත් සමගින් බෙලිවුඩ් සිනමා නළුනිළියන් වූ හූමා කුරේෂි මෙන්ම නානා පාටේකාර්ද රංගනයෙන් දායක වීමය.