කාලසටහනකට වැඩ කරන ආලියා
මාස හයක විවේකයෙන් පසුව නැවතත් සිය වෘත්තිමය කටයුතු සඳහා එක්වූ සුපිරි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් මේ වනවිට විට කාල සටහනකට අනුව සිය රූපගත කිරිම් කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් වෙයි.
ඇය මුලින්ම බන්සාලිගේ ‘ගංගුබායි’ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා මුම්බායි නගරයේදී සහභාගි වූ අතර, ඉන් අඩක් නිම වූ විගස ඇය නොවැම්බර් 02 වැනිදා සිට හයිද්‍රාබාද් නගරයේ රූපගත කෙරෙන රාජ්මෞලිගේ ‘RRR’ චිත්‍රපටයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීමට සූදානමින් සිටියි. ඒ වැඩ අහවර වු විගස ඇය සිය පෙම්වතා වූ රන්බිර් සමග රංගනයෙන් දායක වෙන ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට නියමිතව ඇත.