කාර්යබහුලම නිළිය ‘කිර්ති සුරේෂ්’
2018 වසරේ දකුණු ඉන්දීය සිනමාවේ කාර්යබහුලම නිළීය වන්නට ජනප්රිය සිනමා නිළි කිර්ති සුරේෂ්ට හැකිවි තිබේ. ඇය මෙසේ දකුණු ඉන්දීය සිනමාවේ කාර්යබහුලම නිළිය ලෙස නම් කර ඇත්තේ ඇය රංගනයෙන් දායක වූ චිත්රපට 7ක් ප්රදර්ශනය වීම හේතුවෙනි.
ඇය රංගනයෙන් දායක වු චිත්රපට අතර ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘සර්කාර්’, ‘මහානාති’ හා ‘සාමී’ දෙවැනි චිත්රපටද තිබිම විශේෂත්වයකි. ඇය දමිල චිත්රපටවලට අමතරව පසුගිය වසරේ තෙළෙඟු චිත්රපට කිහිපයකටද රංගනයෙන් දායක වි තිබුණි.