වැඩ වලින් ඈත් වුන ජැකලින්
පසුගිය මාස කිහිපයේදී එක දිගට චිත්‍රපට රූපගත කිරීම් නිසා කාර්යබහුල වූ ජැකලින් ෆර්නැන්ඩෙස් ලැබුණු සුළු විවේකයේදී සිය පවුලේ සාමාජිකයන් සමග ‘බාලි’ දුපතේ නිවාඩුවක් ගත කිරීමට යොදා ගෙන තිබෙන බව සඳහන් වේ.
සිය අලුත්ම චිත්‍රපටය වූ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් අතරමග නතර කර දමන්නට වූ හෙයින් ඉන් ලැබුණ කෙටි නිවාඩුවේදී ජැකලින් මෙසේ සිය පවුලේ සාමාජිකයන් සමග ‘බාලි’ දුපතේ සංචාරය කිරීමට ගොස් තිබේ.
ඇයට අමතරව ආලියා භාට්, ක්‍රිති ෂැනොන්, වානි කපූර්ද මේ දිනවල සිය පවුලේ සාමාජිකයන් සමග ‘බාලි’ දූපතේ නිවාඩුවක් ගත කරමින් සිටින බව සඳහන් . ඔවුන්ට අමතරව සෝනම් කපූර් ලන්ඩන් නගරයේදී ද, ශිල්පා ෂෙට්ටි ඩුබායි නගරයේද, කත්රිනා කයිෆ් නිව්යෝර්ක් නගරයේද මේ දිනවල ගත කරමින් සිටින බව සඳහන් වේ.