කාර්තික්, ජාන්වි මේ දිනවල දිල්ලියේ
නවක සිනමා තරු යුගලයක් වන ජාන්වි කපූර් හා කාර්තික් ආර්යයන් මේ දිනවල දිල්ලියේ සිටින බව සඳහන් වේ. ඒ කරන් ජෝහර් විසින් නිෂ්පාදනය කරන ‘දෝස්තානා’ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය. ‘දෝස්තානා’ ජාන්වි කපූර්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක් වන අතර, ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේද ‘දෝස්තානා’ චිත්‍රපටය නිර්මාණය කරන කරන ජෝහර්ගේ චිත්‍රපටයක් තුළින් වීම විශේෂත්වයකි.
2008 වසරේ ‘දෝස්තානා’ පළමු චිත්‍රපටය තිරගත වූ අතර, එය අති සාර්ථක එකක් විය. කෙසේ වෙතත්, වසර 11කට පසුව මෙහි දෙවැන්නක් නිර්මාණය කරන්නට සැලසුම් කිරීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් වී ඇත. ‘දෝස්තානා’ දෙවැනි චිත්‍රපටය සඳහා ජාන්වි හා කාර්තික්ට අමතරව රූපවාහිනි නළුවෙකු වු ලක්ෂයාද එක්ව තිබේ.