‘කාන්ස්’ රතු පළසේ ඇමිගේ සෙල්ෆිය
ජනප්රිය ඉන්දීය සිනමා නිළි ඇමි ජැක්සන් පසුගියදා ප්රංශයේ පැවති ‘කාන්ස්’ සිනමා උළෙල සඳහා ඉන්දීයාව නියෝජනය කරමින් සහභාගී වූ තවත් නිළියකි. ඇය සමගින් මෙම සම්මාන උළෙල සඳහා සෝනම් කපූර්, දිපීකා පදුකෝන්, අයිශ්වර්යා රායි, ප්රියංකා චොප්රා හා මල්ලිකා ෂෙරාවත්ද සහභාගී වීය.
බටහිර සිනමා නිළියන්ට වඩා බොහෝ ප්රේක්ෂක අවධානය දිනාගන්නට ඉන්දීය නිළියන්ට හැකිවිය. ඒ අතර දැනට බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබෙන මල්ලිකා ෂෙරාවත්ගේ සහභාගීත්වයද බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ සිදුවිමක් විය. පහතින් දැක්වෙන්නේ මෙම සිනමා උළෙලට සහභාගී වි සිටියදී ඇමි ජැක්සන් ගත් සෙල්ෆි ඡායාරූපයකි.