'කාන්ස්' උළෙලට යන බොලිවුඩ් තරු
මේ දිනවල ප්‍රංශයේ ‘කාන්ස්’ නගරයේ පැවත්වෙන 2018 ‘කාන්ස්’ ෆිල්ම් ෆෙස්ටිවල් උළෙල සඳහා බොලිවුඩ් තරු රැසකටම ආරාධනා ලැබි තිබේ. මේ අතරින් විශේෂිත තැනක් හිටපු බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යාට ලැබී ඇත. එනම් ඇය සිය දියණිය ආරාධ්‍යා බච්චන් සමගින් මෙම සම්මාන උළෙලට සහභාගි වීමය.
ඇයට අමතරව, ප්රියංකං චොප්රා, කංගනා රණවුත්, දිපීකා පදුකෝන්, හූමා කුරේෂි, දමිල සිනමා නළු ධනුෂ්, මල්ලිකා ෂෙරාවත් මෙන්ම මීට දින කිහිපයකට පෙර විවාහ වූ සෝනම් කපූර්ද මෙම උළෙලට බොලිවුඩය නියෝජනය කරමින් එක්ව සිටියි.