කාන්තා අතවරවලට එරෙහිව රවීනා තන්දන්
මාතර් චිත‍්‍රපටියේ රවීනා තන්දන් රඟපාන්නේ වෙනස්ම චරිතයකි. එමෙන්ම මෙහි ප‍්‍රචාරක කටයුතු සඳහා ඇය අනුගමනය කරන්නේත් වෙනස් ක‍්‍රමවේදයකි. මාතර් චිත‍්‍රපටිය තුළින් කතාබහ කෙරෙන්නේ දුෂණය ඇතුළු කාන්තා හිංසනයන් පිළිබඳවයි. රවීනා රඟපාන්නේ ඒවාට එරෙහිව සටන් කරන නිර්භීත කාන්තාවකගේ චරිතයකි.
ඇයත්, චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කණ්ඩායමක් දුරකතන හරහා පේ‍්‍රක්ෂකයන් දැනුවත් කිරීමට උත්සාහ කරමින් සිටිති. ඔවුන් චිත‍්‍රපටිය ගැන ඍජුව කතා කරන්නේ නැත. සිය ගැහැනු දරුවන් ආරක්ෂා කර ගන්නා අන්දම පිළිබඳව ඔවුහු දෙමව්පියන්ට උපදෙස් දෙති. හිංසනයන්ට එරෙහිව නැගී සිටින්නට ගැහැනු දරුවන්ට දිරි දෙති.