කාජල්ගේ විවාහයට මුලින්ම සුබපැතුවේ කවුද?
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා මුම්බායිහි සිදු වූ ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රවාල්ගේ විවාහයට මුලින්ම සුබපැතුම් එක් කර තිබුණේ කාජල්ගේ සමිපතම සිනමා මිතුරිය වන තමන්නා භාටියා බව සඳහන් වෙයි. ‘කොවිඩ්’ රෝගයෙන් පීඩා විඳි ඇය ඉන් සුවය ලබා නිවසට ගිය මොහොතේදීම තම සුබපැතුම් කාජල්ට පිරිනැමු බව සඳහන් වෙයි.
එමෙන්ම ඇය එය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබීම විශේෂත්වයකි. වාර්තාවන අන්දමට කාජල්ගේ මෙම විවාහයට ඉතා සිමිත පිරිසක් සම්බන්ධ කර ගැනීමට කාජල් හා ඇයගේ පෙම්වතා වන ගෞතම් කිච්ලු තිරණය කර තිබෙන බව වාර්තා වෙයි.