කාජල්ගේ දුව සිංගප්පූරුවට
කාජල්ගේ සහ අජේ දේව්ගන් ගේ දියණිය නයිසා උසස් අධ්‍යාපනය ස`දහා සිංගප්පූරුවට ගොස් සිටින්නීය. දියණියගෙන් වෙන් වී සිටීම පහසු නොවුණත් මේ තීරණය ගත්තේ ඇගේම හො`ද`ට බැව් කාජල් කියන්නීය.
‘‘දරුවන්ගෙන් වෙන් වෙලා ඉන්න එක දෙමව්පියන්ට පහසු දෙයක් නෙමෙයි.. ඒත් ඔවුන්ගෙම යහපත වෙනුවෙන් අපිට ඒ වගේ අසීරු තීරණත් ගන්න සිද්ද වෙනවා.. දුවගෙන් වෙන් වීම අජේට දරා ගන්න හරි අමාරුයි.. මම ඉගෙන ගත්තෙත් බෝඩින් ඉස්කෝලෙක.. ඒ ගැන හිතලා මම හිත හදා ගත්තා..’’
සිය දරුවන් මාධ්‍යයට නිරාවරණය කරන්නට කාජල් සහ අජේ කැමති නැත. එහෙත් ඔවුන් කොහේ ගියත් පැපරාසින්ගෙන් ගැලවී සිටින්නට පහසු නැත. ‘‘ජනපි‍්‍රය වෙන එක නරක දෙයක් නෙමෙයි.. ඒත් සමහර වෙලාවට ඒක කරදරයක්.. දුව කොහේ ගියත් ඇය ළ`ගට දුවගෙන ඇවිත් ෆොටෝ ගන්න කතා කරන අය ඉන්නවා.. ඇය ටිකක් බියසුලූ කෙනෙක් හින්දා මේ වගේ අවස්ථාවලදී අපහසුවට පත් වෙනවා.. ඇය සම`ග ආරක්ෂකයන් යවන්නත් සමහර වෙලාවට අපිට සිදු වෙනවා..’’ කාජල් කියන්නීය.
දියණිය ගේ අනාගතය චිත්‍රපටි ක්ෂේත්රය තුළින්ම විසෙ`දනවා ඇතැයි අනාවැකි කියන්නට තමාට පුළුවන්කමක් නැති බැව් කාජල් පැවසුවාය. අජේ තුළවත් ඇය තුළවත් දියණිය සිනමාවට එනවාට කැමැත්තක් හෝ අකැමැත්තක් නැත.
‘‘එයා මොකක්ද තෝරා ගන්න ක්ෂේත්රය කියලා එයාම තිරණය කරයි.. ජනපි‍්‍රය වෙන්න, සල්ලි හොයන්න සිනමාවටම එන්න ඕන නෑ..’’
මී ළ`ගට හෙලිකොප්ටර් ඊලා චිත්‍රපටියෙන් රසිකයන්ට දැක ගත හැකි කාජල් කියන්නේ එසේය.