කාජල් හා අජේ වසර එකොළහකට පසු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-40

බොලිවුඩයේ සිටින ජනප්‍රිය අඹුසැමි යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් වසර එකොළහකට පසුව පෙනී සිටින බොලිවුඩ් චිත්‍රපටයක් ලබන වසරේ තිරගත වීමට නියමිතය. ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘ටන්හාජි’ චිත්‍රපටය තුළිනි. මෙහි ඔවුන් දෙදෙනාට අමතරව සායිෆ් අලී ඛාන්ද පෙනී සිටියි.

අවසන් වරට කාජල් හා අජේ දේව්ගන් චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ 2008 වසරේදීය. ඒ අජේ දේව්ගන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ‘යූ මී අවර් හම්’ චිත්‍රපටය තුළිනි. ඉන්දීය රුපියල් කෝටි 25ක් වැය කරමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 45ක ආදායමක් උපයාගන්නට සමත් විය.