කාජල් අග්රාවල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කාජල් අග්රාවල් එළැඹෙන 2020 වසරේදී සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේ ඉටි පිළිරුවක් ලෙස නිර්මාණය කිරීමට නියමිතය. පසුගියදා ඇය ඊට අවශ්‍ය කරන සිය සිරුරේ උස, පළල ලබා දී තිබුණි. එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය මේ වනවිට සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත.
බොලිවුඩ් චිත්‍රපට කිහිපයකට පමණක් සිය දායකත්වය දුන් ඇය වැඩිපුර දමිල, තෙළිගු හා මලයාලම් චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් නිළියකි. මේ දිනවල ඇය කමල් හසන් අධ්‍යක්ෂණය කරන ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධව සිටියි.