කාජල් අග්‍රවාල් සැමියා සමග තව දුරටත් මාලදිවයිනේ ඉන්න හිතලා
පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා කෝටිපති ව්‍යාපාරික ගෞතම් කිත්ච්ලු සමගින් මුම්බායිහිදි විවාහ වූ දකුණු ඉන්දීය සුපිරි සිනමා නිළි කාජල් අග්‍රවාල් මේ දිනවල සිය සැමියා සමගින් මධුසමය ගත කිරිමට සූන්දර මාලදිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.
මෙහි සති දෙකකට අසන්න කාලයක් රැඳී සිටිමට බලාපොරොත්තුවෙන් සිටින ඇය සිය සැමියා සමගින් මාලදිවයිනේදී ගත් ඡායාරූප රැසක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත. තව දින කිහිපයක් එහි සිටීමට ඇය බලාපොරොත්තු වන බවත් පැවසෙනවා. මධුසමය ගත කිරිමෙන් අනතුරුව නැවතත් ඇය සිය වෘත්තිමය කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටින බවද පවසයි.