කාගෙත් අවධානයට ලක්වූ නර්ගිස්ගේ ඇඳුම
මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්ව සිටින නර්ගීස් පක්රි මේ වනවිට ඇමෙරිකාවේ පදිංචිව සිටියි. පසුගියදා පැවැති 18 වැනි %අයිෆා^ සිනමා සම්මාන උලෙළ සඳහා ඇයගේ පැමිණීමද සනිටුවහන් වී තිබුණ අතර, ඇය එහිදී ඇද පැලඳගෙන සිටි ඇඳුම් විලාසිතාව කෙරෙහි බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබුණි.
නර්ගිස් ඇඳ සිටි ඇඳුම මීට පෙරද එක්තරා සිනමා සම්මාන උලෙළ හොලිවුඩ් සිනමා නිළියක් වූ Christine Evangelista ඇඳ සිටි ඇඳුමට බොහෝ සෙයින් සමාන විද තිබුණි. නර්ගිස්ට අමතරව, සොනක්ෂි සින්හා, ආලියා භාට්, මීරා රාජ්පූත් (ෂාහිඩ් කපූර්ගේ බිරිඳ), ක්‍රිති ෂැනොන්ගේ විලාසිතාද මෙහිදී යම් පිරිසකගේ අවධානයට ලක්ව තිබුණි.