ක්‍රිස්ටීන් ‘Charlie's Angels’ සමගින්
හොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවක් වන ‘‘Charlie's Angels’චිත්‍රපටය නව මුහුණුවරකින් නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට සූදානම්වේ. ඒ නොවැම්බර් 15 වැනිදාය. ජනප්‍රිය ඇමෙරිකානු සිනමා නිළියක් මෙන්ම ගායිකාවක්ද වන එළිසබෙත් බැන්ක්ස් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇති අතර, ඇයද මෙහි එක්තරා චරිතයක් නිරූපණය කරන්නීය.
මෙහි ජනප්‍රිය හොලිවුඩ් නිළියන් වූ ක්‍රිස්ටීනා ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, එලී ස්කොට් තිදෙනා මෙහි එන ප්‍රධාන චරිත ත්‍රිත්වයට දායක වෙති. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය මෙම වසරේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කෙරෙනු චිත්‍රපටයකි. 2000 වසරේදී මෙහි පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර, එම වසරේ වැඩිම ආදායමක් හිමි චිත්‍රපටය බවටද පත් විය.ඉන්පසු මෙම’Charlie's Angels’ චිත්‍රපට නිෂ්පාදනය විය. ඒ 2003 වසරේදීය. ‘Charlie's Angels: Full Throttle’ලෙස මෙම චිත්‍රපටය නම් විය.
වසර 16කට පසුව ‘Charlie's Angels’ චිත්‍රපටය නැවත නිෂ්පාදනය වන අතරමේවනවිට සමාජ මාධ්‍ය තුළද මෙම චිත්‍රපටයේ ප්‍රචාරකපටය පිළිබඳ විශාල අවධානයක් යොමුව තිබේ. එසේමක්රිස්ටීනා ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, එළි ස්කොට් නම් රංගන ශිල්පීන් තිදෙනා පිළිබඳවද විශාල අවධානයක් යොමු වී ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මේ තිදෙනා පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබේ. මෙම චිත්‍රපටයේ තවත් ප්‍රධාන කරුණක් වන්නේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා නම් කර ඇත්තේ මෙම රංගන ශිල්පීන් තිදෙනා පමණක් වීමයි.මෙම නිළියන් තිදෙනා අතරින් අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ක්‍රිස්ටිනාය. අනෙකුත් රංගන ශිල්පීන් දෙදෙනා සිනමාවට නවකයන් දෙදෙනෙකි.ක්‍රිස්ටින් හොලිවුඩ් සිනමාව තුළ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වූයේ ‘Twilight’චිත්‍රපට මාලාව සමගිනි.
ක්‍රිස්ටින් සිනමාවට පිවිසීමට පෙර පුංචි තිරයේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර 1999 වසරේදී ‘The Thirteenth Year’ රූපවාහිනි කතා මාලාව සඳහා රංගනයෙන් දායක වූවාය. ඇය සිනමාවට පිවිසියේ ‘The Flintstones in Viva Rock Vegas’ නම් චිත්‍රපටය ඔස්සේය. එය තිරගත වූයේ 2000 වසරේදීය. ඉන්පසු ඇය 2001 වසරේදී තිරගත වූ ‘The Safety of Objects’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවාය.
2002 වසරේදී තිරගත වූ ‘Panic Room’ ඔස්සේද ජනප්‍රියත්වයට පත් ඇය, 2004 වසරේදී තිරගත වූ චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූවාය. ඒ ‘Catch That Kid’, ‘Speak’,’Undertow’ නම් චිත්‍රපට ත්‍රිත්වයයි. මේ අනුව 2004 වසරෙන් පසු ඇය හොලිවුඩ් සිනමාව තුළ නම රැන්දූ චිත්‍රපටයක් නිළියක් වී හමාරය.
2005 වසරේදී ඇය චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වූවාය. 2006 වසරේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට තිරගත නොවුණි. නමුත් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට පහක් 2007 වසරේදී තිරගත විය.
2008 වසර ඇයට සුවිශේෂි වසරක් විය. ඒ එම වසරේදී තිරගත එක් චිත්‍රපටයක් ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යක් වූ නිසාවෙනි. 2008 වසරේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට හතරෙන් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූයේ ‘Twilight’ නම් චිත්‍රපටයයි. එය හොලිවුඩ් සිනමාව තුළ පෙරළියක් ඇති කළ චිත්‍රපටයකි. එම චිත්‍රපටය හොලිවුඩ් සිනමා විචාරකයන්ගේද ඉමහත් ප්‍රසාදයට පාත්‍ර විය.
2009 වසරේදී ‘Twilight’ චිත්‍රපටයේ දෙවැන්නද එළිදැක්වූ අතර එය නම් කෙරුණේ ‘The Twilight Saga : New Moon’ ලෙසිනි. එහිද ක්‍රිස්ටීන් රඟපෑවාය. ඒ අනුව මෙම චිත්‍රපටය පළමු චිත්‍රපට මෙන්ම ආදායම් වාර්තා තබමින් තිරගත විය. ‘Twilight’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘The Twilight Saga: Breaking Dawn – Part 1’ 2011 වසරේදී තිරගත විය. මෙම චිත්‍රපට මාලාව ලොව පුරා කතාබහට ලක්වූ චිත්‍රපට මාලාවක් විය. එම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය 2012 වසරේදී තිරගත විය. ඒ ‘The Twilight Saga: Breaking Dawn – Part 2’ ය. එම චිත්‍රපට මාලාව ඔස්සේ ලබා ගත් ජනප්‍රියත්වය ක්‍රිස්ටිනාට ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර දුන්නේය. නමුත් ඇගේ මෙම චිත්‍රපට මාලාවට පසු එළිදැක්වූ බොහෝ චිත්‍රපට සඳහා ආදායම් වාර්තා අතරට පැමිණීමට හැකියාව නොලැබිණ.
කෙසේ වුවත් ඇය 2014 වසරේ සිට 2018 දක්වා චිත්‍රපට දහයකට ආසන්න ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වූවාය. මේ අනුව මෙම වසරේ ඇය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින, ඇගේ රංගනයට ආදරය කරන බොහෝ දෙනෙකුට ඇය මෙම වසරේදී ‘Charlie’s Angle’ චිත්‍රපටය ඔස්සේ දැකගත හැකි වනු ඇත. එබැවින් මෙම වසරේ එළිදැක්වූ චිත්‍රපට අතරින් මෙම චිත්‍රපටයද සුවිශේෂී නොඅනුමානයි.
ඩිලාන් ක්‍රිෂාන්ත