ක්‍රිස් අලුත් චිත්‍රපටයට සූදානම් වෙමින්
සුපිරි ‘මාවල්’ චිත්‍රපට චරිතයක් වන ‘තෝර්’ හට පණ පොවන සුපිරි නළු ක්‍රිස් හැම්ස්වර්ත් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සඳහා සූදානම් වෙයි. ඒ 2022 වසරේ ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති ‘තෝර් ලව් ඇන්ඩ් තන්ඩර්’ චිත්‍රපටය සඳහාය.
‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී විවේක සුවයෙන් පසුවු ක්‍රිස් මේ වනවිට ‘තෝර් ලව් ඇන්ඩ් තන්ඩර්’ චිත්‍රපටය සඳහා සිය සිරුර සකසා ගනිමින් සිටින බව වාර්තා වෙයි. පසුගියදා ඔහු සිය නිවසේදී ව්‍යායාම්වල නිරත වන ඡායාරූපයක් තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට එක් කොට තිබුණ අතර, ඊට සටහනක් එක්කොට තිබුණේ තමා නැවතත් ‘තෝර්’ චරිතය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණිමට සූදානමින් සිටින බවය.