‘ක්‍රිෂ්’ අලුත් චිත්‍රපටයේ වැඩ අරඹයි
‘සුපර් 30’ හා ‘වෝර්’ චිත්‍රපට නිසාවෙන් කාර්යබහුලව සිටි සුපිරි නළු රිතික් රෝෂන් මේ වනවිට සිය පියා විසින් නිර්මාණය කරන ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටය සඳහා එක්ව සිටියි. චිත්‍රපටය එළැඹෙන 2020 වසරේ අවසන් භාගයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. රිතික් රෝෂන් කාලයකට පසුව බොලිවුඩ් චිත්‍රපට ද්විත්වයකින් මේ වසරේ සිය ප්‍රේක්ෂකයන් මුණ ගැසුණ අතර, එම චිත්‍රපට ද්විත්වයම මේ වනවිට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වී ඇත. එමෙන්ම ‘සුපර් 30’ චිත්‍රපටයේ ඔහු කළ ආනන්ද කුමාර් චරිතය සම්මානයකට පහසුවෙන් එක්විය හැකි රංගනයක් බවද බොහෝ සිනමා විචාරකයින් පවසා සිටින්නේය.