ක්‍රිතිගේ 'ඉන්ටර්ග්‍රෑම්ස්' ගිණුම 'හැක්' කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-07-ent-02

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම පසුගියදා හැක් කොට තිබේ. ඇයගේ ගිණුම ‘හැක්’ කරන අවස්ථාවේදී එහි මිලියන 12.9ක පසුහඹනන් ප්‍රමාණයක් සිටි බව වාර්තා වේ. මීටපෙරද අවස්ථා කිහිපයකදීම බොලිවුඩ් සිනමා නිළියන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම් රැසක් ‘හැක්’ කොට තිබුණ අතර, ඊශා ඩියොල්, අනුෂ්කා ෂෙට්ටි,ඉලේනා ඩී ක_ස් හා ආතියා ෂෙට්ටිගේ ගිණුම්ද ඒ අතර වේ.

කෙසේ වෙතත්, ක්‍රිති ෂැනොන් සිය නවතම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමක් මේ වනවිට විවෘත කොට තිබෙන අතර, ඇය ඒ පිළිබඳව පසුගියදා සිය ‘ෆේස්බුක්’ ගිණුම හරහා නිල වශයෙන් දැනුම් දි තිබුණි. එමෙන්ම ඇය පවසන්නේ තමාගේ ගිණුම ‘හැක්’ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවය.