ක්‍රිති ෂැනොන් සත්තුත් එක්ක
‘හිරෝපාන්ති’, ‘දිල්වාලි’ චිත්‍රපට තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් ක්‍රිති ෂැනොන් පසුගියදා දකුණු අප්‍රිකා සංචාරයකට එක්වූ බව සඳහන් වේ. ඇය එසේ දකුණු අප්‍රිකාවට ගොස් ඇත්තේ ප්‍රකට ‘වෝග්’ සඟරාවේ මුල් කවරය සඳහා ඡායාරූප ගැනීමට බව වාර්තා වේ.
ක්‍රිති ෂැනොන් ‘වෝග්’ මුල් පිටුවේ කවරයක් සඳහා පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන අතර, එය අප්‍රේල් තුන්වැනි සතියේදී ප්‍රසිද්ධ කිරීමට නියමිත බව සඳහන් වේ. ක්‍රිති ෂැනොන් මෙම ඡායාරූපගත කිරීමේදී බොහෝ අවස්ථාවලදී පෙනී සිට ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙසෙන සතුන් සමග බව දැන ගැනීමට ලැබේ. එම අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.