ක්‍රිති ෂැනොන් තරහා වෙලා
සුශාන්ත් රාජ්පුත් හා ක්‍රිති ෂැනොන් අතර තිබූ ප්‍රේම සම්බන්ධය මේ වනවිට අහවර වී තිබෙන බව සඳහන්. දිනේෂ් විජාන්ගේ ‘රබ්තා’ චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුරදී ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් හටගත් අතර, පසුව එය බොලිවුඩයේ ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණා.
සුශාන්ත් සමග වසර හතක් තිස්සේ පෙමින් වෙළි සිටි අන්කිතාද (ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි) මෙම ප්‍රේම සම්බන්ධය එළිවීමත් සමග සුශාන්ත්ගෙන් වෙන්වූ අතර, පසුව ඔවුන් ප්‍රසිද්ධියේම එකිනෙකාට දෝෂාරෝපණ එල්ල කරන්නටද වුණා. වර්තමානයේ වාර්තා වන අන්දමට සුශාන්ත්ගේ නොමනා හැසිරීම් මත ක්‍රිති ෂැනොන්ද ඔවුන් අතර තිබු ප්‍රේම සම්බන්ධය නිමා කරන්නට තීරණය කර තිබෙන බව සඳහන්.