ක්‍රිති, කංගනා කොණ්ඩේට කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'හීරෝ පාන්ති' හා 'දිල්වාලේ' චිත්‍රපට හරහා ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් සුරූපී ක්රිහති ෂැනොන් ලබන වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් තුළින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. පසුගියදා 'කෝයි මෝයි' වෙබ් අඩවිය සමග එක්වෙමින් සිය අලුත් චිත්රමපට පිළිබඳව අදහස් පළ කොට තිබුණි.

මෙම අදහස් අතරේ ඇය පවසා තිබුණේ බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළියක වන කංගනා රනවුත්ට ඇති කොණ්ඩයක් තමාටද ලැබුණේ නම් එය කියා නිම කළ නොහැකි සතුටක් වනු ඇති බවය. ක්‍රිති මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ කංගනා සතුය ඇති රැළි ගැසුණු කොණ්ඩයට තමා වඩාත් ප්‍රිය කරන බවය.

ක්‍රිති ලබන වසරේ මුලින්ම සිය රසික පිරිස් මුණ ගැසෙන්නේ සුශාන්ත් රාජ්පුත් සමගින් රඟපෑ 'රබ්තා' චිත්‍රපටයෙනි. ඉන් පසුව 'බාර්ලියේ කි බර්ෆි' නම් චිත්‍රපටය තුළින්ද ලබන වසරේ දැකගත හැකිය.

20161219Krithi-1