ක්රිකට්වලට දක්ෂයෙකු වු ටප්සි
ඉන්දිය සිනමා නිළි ටප්සි පන්නු මේ දිනවල සිය අලුත්ම චිත්රපටය වන ‘සබාෂ් මිතු’ චිත්රපටයේ රූපගත කිරිම් සඳහා සූදානමින් සිටියි. ‘සබාෂ් මිතු’ යනු වර්තමාන ඉන්දීය කාන්තා ජාතික කණ්ඩායමේ නායකත්වය දරන මිතෙලි රාජ්ගේ ජීවිත කතාව අලලා නිර්මණය කරන චිත්රපටයකි.
ඇය ක්රිකට් පුහුණුවෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට ටප්සි සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ පළ කර ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ ටප්සි රංගනයට අමතරව ක්රිකට් ක්රීඩාවටද අතිදක්ෂයෙක් බවට වර්තමානයේ පත්ව ඇති බවය. මෙම චිත්රපටය ලබන වසරේ ප්රදර්ශනය කිරිමට නියමිතව තිබේ.