කවුද මේ Sophie Hopkins
බීබීසී රූපවාහිනියේ විකාශය වූ ‘Doctor’ වැඩසටහනින් බිඳී ආ කතාමාලාවක් ලෙස, මේ දිනවල විකාශය වන ‘Class’ රූපවාහිනි කතා මාලාව හැඳින්විය හැකිය. එයින් අතිශයින් ජනප්‍රිය වී ඇති බ්‍රිතාන්‍ය නිළියක වන සොෆී ලීසා හොප්කින්ස් විසිපස් හැවිරිදි වියේ පසුවන්නීය.
සොෆී ලීසා හොප්කින්ස් නම් ඇය, ජනප්‍රිය නිරූපිකාවක වන අතර, ඇය මෙසේ ජනප්‍රිය වෙන්නේ ඒප්‍රිල් මැක්ලියන් චරිතය හරහාය.
1990 වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිංගප්පූරුවේදී උපත ලද හොප්කින්ස්, එංගලන්තයේ නැගෙනහිර යෝර්ක්ෂයර්හිදී හැදීවැඩෙන අතර, සිටි ඔෆ් යෝර්ක් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබුවාය. ඒ අනුව ඇය පසුව සිය දක්ෂතා දියුණු කරගනු වස් ප්‍රාසාංගික කලා සහ සංගීතමය පීඨයට ඇතුළත් වූවාය. ඒ සඳහා ඇය 2010 වසරේදී ලන්ඩනයට පැමිණෙන්නීය.
එහිදී ‘Fourth Monkey’ සංගීතමය රඟහල් පදනමට සම්බන්ධ වන හොප්කින්ස්, එහිදී රූපණය සඳහා සිය අවධානය යොමු කළාය. ඒ අනුව ඇය එහිදී විනෝදාත්මක කලාව ඉලක්ක කරගනිමින් නවක පුහුණු රූපණ ශිල්පිනියක ලෙස පුහුණු වූවාය.
2016 වසරේ අප්‍රේල් මස හොප්කින්ස්, ‘Class’ රූපවාහිනි කතා මාලාවේ ඒප්රියල් මැක්ලියන්ගේ චරිතය හරහා රූපවාහිනි ප්‍රේක්ෂකයා වෙත පැමිණෙන්නේ මෙවැනි පසුබිමකය.
එහෙත් ඇය ඊට පෙර 2011දී ‘Filthy Cities’ රූපවාහිනි වාර්තාමය කතාමාලාවේ චාලට් කෝර්දේ ලෙසින්ද, 2011-2012 අතර කාල පරතරයේදී ‘Dark Matters: Twisted But True’ කොටස් තුනකින් යුත් වාර්තාමය කතාමාලාවේ මාරි විකී ලෙසින්ද, 2013දී ‘Britain’s Secret Homes’ හි කොටස් දෙකකින් යුතු වාර්තාමය කතාමාලාවේ ඈන් ජොආන් ලෙසින්ද සිය දායකත්වය ලබාදුන්නාය.
පසුගිය වසරේදී බෙලා බ්‍රවුන් ලෙසින් ‘This Beautiful Fantastic’ චිත්‍රපටයට දායකත්වය ලබාදුන් ඇය, කෙමෙන් කෙමෙන් ජනප්‍රිය වෙමින් සිටින නිළියකි.