‘කලාන්ක්’ සාර්ථක ආරම්භයක් ලබයි
මේ දක්වා බොලිවුඩයේ තිරගත වූ චිත්‍රපට අතරින් සිය මංගල දිනයේදීම ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වන්නට කරන් ජෝහර්ගේ ‘කලාන්ක්’ චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය අප්‍රේල් 17 වැනිදා ආරම්භ කරනු ලැබු මෙම චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දිය රුපියල් කෝටි 21.60ක මුදලක් උපයාගන්නට සමත් විය.
එය මේ වසරේ මාර්තු 22 වැනිදා තිරගත වූ ‘කේසාරි’ චිත්‍රපටය සිය තිරගත වූ මුල්ම දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 21ක මුදලක් උපයාගන්නට සමත්ව තිබුණි. මධුරි ඩික්සිත්, සංජේ දත්, වරූන් ධාවන්, සොනක්ෂි සින්හා, ආලියා භාට්, ආදිත්‍ය රෝයි කපූර් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙයි.